Friday, July 30, 2010

හිතට නැගෙන හැම හිතුවිල්ලක්ම සටහන් කරන්න පුලුවන්ම් කියල හිතෙනව වෙලාවකට. එහෙම උනානම් ඒ පුංචිම පුංචි හිතුවිල්ල අස්සේ හැංගිච්ච හැගීම අපිට හැමදාම විදින්න පුලුවන් වේවි.
ඒ දෙය දුක, සතුට ,සිනහව,කදුල ඔය මොන දේ වුනත් ආපස්සට හරිල බලද්දි අපිට ඒ හැගීම, ඒ හිතුවිල්ල ගැන හිතල සතු‍ටු වෙන්න පුලුවන් වේවි.මොකද එකම හැගීම උනත් එක එක වෙලවට දැනෙන විදිහ වෙනවස් නෙ.. එක පාරක් දැනිච්ච දෙයක් ආයි ඒ විදිහටම ජීවිතේ කවදහරි දැනෙයිද කියන එක නම් ප්‍රශ්නයක්... මේ ජීවිතේ වගේම හැගීමුත් තත්පරෙන් තත්පරේ වෙනස් වෙනවනේ. කෙනෙක්ට සතුට වුනත් දුක්බර විදිහට දැනෙන්න පුලුවන්.. එහෙම බලද්දි මට හිතෙනව හැගීමටත් වඩා වැදගත් වෙන්නේ ඒ හැගීම අපිට දැනෙන විදිහ කියලයි.ඒ දේ හරිම අසමසමයි, හරිම පුදුමයි.
ගොඩ කලෙකින් පස්සේ බ්ලොග් 1 පැත්තට ආවේ....... මේ දවස් ටිකේම එපා වෙලා හිටියේ කරන්න දේකුත් නැතුව, ඒත් බ්ලොග් 1 පැත්තේ එන්නත් කම්මැලි හිතුනා. ලියන්න දේවල් ගොඩාක් තිබුනට සිංග්‍රීසියෙන් ලියන 1 මතක් වෙනකොට ඔන්න ඔහෙ ඕනේ නැහැ කියල හිතෙනව.. ;))) කැම්පසුත් දැන්ම පටන් ගන්න පාටක් නැහැ වගේ. :((((