Friday, July 30, 2010

හිතට නැගෙන හැම හිතුවිල්ලක්ම සටහන් කරන්න පුලුවන්ම් කියල හිතෙනව වෙලාවකට. එහෙම උනානම් ඒ පුංචිම පුංචි හිතුවිල්ල අස්සේ හැංගිච්ච හැගීම අපිට හැමදාම විදින්න පුලුවන් වේවි.
ඒ දෙය දුක, සතුට ,සිනහව,කදුල ඔය මොන දේ වුනත් ආපස්සට හරිල බලද්දි අපිට ඒ හැගීම, ඒ හිතුවිල්ල ගැන හිතල සතු‍ටු වෙන්න පුලුවන් වේවි.මොකද එකම හැගීම උනත් එක එක වෙලවට දැනෙන විදිහ වෙනවස් නෙ.. එක පාරක් දැනිච්ච දෙයක් ආයි ඒ විදිහටම ජීවිතේ කවදහරි දැනෙයිද කියන එක නම් ප්‍රශ්නයක්... මේ ජීවිතේ වගේම හැගීමුත් තත්පරෙන් තත්පරේ වෙනස් වෙනවනේ. කෙනෙක්ට සතුට වුනත් දුක්බර විදිහට දැනෙන්න පුලුවන්.. එහෙම බලද්දි මට හිතෙනව හැගීමටත් වඩා වැදගත් වෙන්නේ ඒ හැගීම අපිට දැනෙන විදිහ කියලයි.ඒ දේ හරිම අසමසමයි, හරිම පුදුමයි.

2 comments:

  1. හිතට එන හැම දේම බ්ලොග් එකේ ලියන්නපුළුවන් නම් කියලා හිතෙනවා ඒත් ඉස්සර නම් එහෙම පුළුවන් මාව කවුරුත් දන්නේ නැති නිසා ඒත්දැන් බැහැ . එහෙම ලිව්වම පුදුම සැහැල්ලුවක් දැනෙනවා

    ReplyDelete
  2. තමාගේ හැඳිනීම, හැඟීම් ප්‍රකාශනයට බාධාවක් වෙන්නේ මොන සාධකේ මතද, කියන එකනම් තේරුම් ගන්න අමාරුයි, තමන්ට අවංක කෙනා අනිවාර්යෙන්ම තමාගේ හිතේ උපදින හැඟීමටත් අවංක වෙනවා, මට දැනැන විදිහට.....
    feel free to express urself dude!!!

    ReplyDelete