හිතට නැගෙන හැම හිතුවිල්ලක්ම සටහන් කරන්න පුලුවන්ම් කියල හිතෙනව වෙලාවකට. එහෙම උනානම් ඒ පුංචිම පුංචි හිතුවිල්ල අස්සේ හැංගිච්ච හැගීම අපිට හැමදාම විදින්න පුලුවන් වේවි.
ඒ දෙය දුක, සතුට ,සිනහව,කදුල ඔය මොන දේ වුනත් ආපස්සට හරිල බලද්දි අපිට ඒ හැගීම, ඒ හිතුවිල්ල ගැන හිතල සතුටු වෙන්න පුලුවන් වේවි.මොකද එකම හැගීම උනත් එක එක වෙලවට දැනෙන විදිහ වෙනවස් නෙ.. එක පාරක් දැනිච්ච දෙයක් ආයි ඒ විදිහටම ජීවිතේ කවදහරි දැනෙයිද කියන එක නම් ප්රශ්නයක්... මේ ජීවිතේ වගේම හැගීමුත් තත්පරෙන් තත්පරේ වෙනස් වෙනවනේ. කෙනෙක්ට සතුට වුනත් දුක්බර විදිහට දැනෙන්න පුලුවන්.. එහෙම බලද්දි මට හිතෙනව හැගීමටත් වඩා වැදගත් වෙන්නේ ඒ හැගීම අපිට දැනෙන විදිහ කියලයි.ඒ දේ හරිම අසමසමයි, හරිම පුදුමයි.
Friday, July 30, 2010
Thursday, July 8, 2010
සදුදා ගියා කැළණි කැම්පස් 1කට රෙජිස්ට්ර් වෙන්න. රෙජිස්ට්ර් නම් වුනා.ඒත් ඉතින් කවදා පටන් ගනීද කියලා තමා අවුල.වැඩේට එච්චර වෙලා ගියේ නැතත් යන්නයි එන්නයි නම් මාර රස්තියාදුවක් උනේ.ට්රැෆික් 1 ගැන නම් කතා කරල වැඩක් නැහැ. කැම්පස් එකේ ඉදන් පෑලියගොඩට එන ගමන් දැක්ක Mazda axela car 1k .ශා මරු car 1 කියල වැඩක් නැහැ. ඒත් ඉතින් axela නෙමේ aston martin 1ක් තිබ්බත් මොකෝ අපේ පාරවල් වලනේ යන්න වෙන්නේ. අන්න ඒක මතක් වෙනකොට නම් ඉතින්...............................................................
Subscribe to:
Posts (Atom)